25 C
Colombo
Monday, April 29, 2024

ආණ්ඩුව කාන්තාවන්ට සලකන ආකාරය ගැන ගීතාගෙන් හෙළිදරව්වක් (VIDEO)

- Advertisement -

එවකට ඒකාබද්ධ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් 52දෙනෙකුට ඇමතිධූර හිමිවන විට කාන්තාවක් වන තමන්ට පමණක් ඇමතිධූරයක් හිමි නොවූ බවට ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඒ, අද (20) දින පාර්ලිමේන්තුව අමතමින්.

ඒකාබද්ධ විපක්ෂයේ සිටි කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම පක්ෂය හැරදා යනවිට කාන්තාවක් ලෙසට ඉතිරිවූයේ තමන් පමණක් වුවද එම කාන්තාවට අසාධාරණ ලෙසට සලකා ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

“අම්පාරෙන් ආපු මන්ත්‍රීතුමිය සඳ බැසගෙන ගියා අනිත් පැත්තට. රත්නපුරේ මැණිකත් එහෙම්මම පාස් උනා ඇමතිකමක් අරගෙන. ඉතුරු උනේ මම විතරයි. එදා ඒකාබද්ධ විපක්ෂෙට කළුපටියක් ගේන්න කෙනෙක් හිටියෙ නෑ. ඒක ගෙනාවෙත් මම.

එදා 2010දී මම දේශපාලනයට ආවේ අපේ දැන් ලේකම්තුමා සාගර කාරියවසම් මැතිතුමයි මායි තමයි බෙන්තර ඇල්පිටිය ආසනයට තරඟ කළේ. එතුමා අද ලේකම්තුමා. අර 53දෙනෙක් හිටියා මන්ත්‍රීවරු එදා ඒකාබද්ධ විපක්ෂෙ. ඒ 52ක් දැන් ඇමතිවරු. මම ඉන්නවා පිටිපස්සෙ. ඔන්න ඔහොමයි 3% කාන්තාවන්ට සලකන්නේ.

උඩ ඉන්නවා දෙවිවරු. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔබ ක්‍රියාවක් කරන විට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මට ඔබලා හැමෝටම කියන්න ඕන, සිදුවූ දේ හරිම අසාධාරණයි!


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...