32 C
Colombo
Thursday, May 2, 2024

රතන හිමිගේ ක්‍රියාකලාපය නිසා ස්වාමීන්වහන්සේලාට ඇති ඉඩක් නැති වෙයි

- Advertisement -

සිය පක්ෂයෙන් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඉදිරිපත් නොකිරීමට දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව අද (20) ඒකමතිකව තීරණය කළ බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පවසනවා.

ඒ, බෙන්තර ගෝනගලපුර අපේ ජන බල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

සිය පක්ෂයෙන් පාර්ලිමේන්තු ගිය අතුරලියේ රතන හිමියන්ගේ ක්‍රියා කලාපයත් මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමත් නිසා සිය පක්ෂය මේ තීරණයට අද එළඹි බව‍යි සමන් පෙරේරා මහතා පවසන්නේ.

අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සම්බන්ධයෙන්වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුව වුවද යම් හෙයකින් හිස් වන මන්ත්‍රීධුරයද ලබාදීම සිදු කෙරෙණුයේ භික්ෂූන් වහන්සේ නමකට නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පෙරේරා මහතා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් පෙරේරා මහතා,

“අතුරලියේ රතන හිමියන් පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කිරීම නිසා උන්වහන්සේ පක්ෂයෙන් මෙන්ම පාර්ලිමේන්තු ධුරයෙන් නෙරපීමට අපේ පක්ෂය කටයුතු කළා. උන්වහන්සේ එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරලා තියෙනවා.ඒ වගේම අපේ පක්ෂයේ ලේකම් හාමුදුරුවන්ද අපේ පක්ෂයේ විනය කඩ කරලා තියෙනවා.

අපේ පක්ෂය දැන් හාමුදුරුවන් දෙදෙනෙකුගෙන්ම හොදට බැටකාපු පක්ෂයක්.ඒ වගේම ඒ දෙනමගෙන් පාඩම් ඉගෙනගත් පක්ෂයක්.ඒක නිසා අද පැවැත්වුනු දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කළා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඒ සදහා ඉදිරිපත් නොකිරීමට.

අපේ මේ තීරණයට තවත් එක් හේතුවක් වුණා මහ නායක හිමිවරුනුත් ඉල්ලීමක් කළා භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා. ඒ ඉල්ලීමත් අපි සලකා බලා තමයි මේ තීරණය ගත්තේ”

RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...