සම්බුදු සසුනට තම දරුවන් පූජා කරන භික්ෂූණ් වහන්සේලාගේ හා සිල්මාතාවන්ගේ අවුරුදු 25-59 අතර දෙමාපියන්ගේ සැඳෑසමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් “බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වුණා.
ඒ අනුව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම මහත්වරු අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා.
සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ගෙවන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතාව මත අවුරුදු 60 ඉක්මවූ පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම විශේෂත්වයක්.
එහෙන්ම රටපුරා සියලුම විහාරස්ථානවල වැසිකිළි කැසිකිළි පහසුකම් පිළිබඳව ද සොයා බලා එම පහසුකම් නිසියාකාරව සම්පූර්ණ වී නොමැති විහාරස්ථාන වෙනුවෙන් එම පහසුකම් නිසි ලෙස සම්පූර්ණ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.