33 C
Colombo
Saturday, May 4, 2024

මහින්දගේ සැත්කම ගැන නාමල්ගේ බොරුව චමල් හෙළිකරයි (වීඩියෝ)

- Advertisement -

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සැත්කමකට භාජනය කළ බව ඔහුගේ වැඩිමහල් සොහොයුරු වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ගම්පොල ඉහලවෙල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ තිස්හය රියන් උසැතිව නිර්මාණය කර ඇති සක්මන් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයට ඊයේ (27) සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

චමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙම ආගමික උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබුණද ඔහුට සිදුකල ශල්‍යකර්මය නිසා තමන් මෙම ස්ථානයට පැමිණි බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කෙරුණු බවට පළවූ පුවත් අසත්‍ය වන බව පෙරේදා (26) දිනයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ඔහු සදහන් කළේ තමන් සහ පියා ලෙඩෙකු බැලීමට රෝහලට ගිය නමුත් ලෙඩෙකු වශයෙන් සිය පියා රෝහලට නොගිය බවත් බැලීමට ගිය රෝගියා හට සැත්කමක් සිදුකළේද යන්න සම්බන්ධව තමන් නොදන්නා බවයි.

පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 24 වන දින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ බවට මාධ්‍ය වාර්තා කළා.


RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...