32 C
Colombo
Tuesday, May 7, 2024

මංගලගේ මිල සූත්‍රය තිබ්බා නම් අද මෙහෙම වෙන්නෙ නෑ – රනිල්

- Advertisement -

තමා දන්නා මංගල සමරවීර හට චරිත 3ක් තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

1989 සිට 2005 දක්වා ඔහුගේ පළමු චරිතය පැවති බවත් එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ඉමහත් කාර්‍යයක් සිදුකළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමෙන් පසුව ඔහුගේ දෙවන චරිතය ක්‍රියාත්මක වූ බවත් එම සමයේදී ඔහු හඳුන්වා දුන් මිල සූත්‍රය අදටත් පැවතියේ නම් වත්මන් ගැටළු වලට මුහුණ දීමට රටට සිදු නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවත් ඔහු පවසනවා.

මංගල සමරවීර මහතා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු කාලයේ ඔහුගේ දෙවන චරිතය පැවති බවත් වත්මන් පක්ෂ දේශපාලනය හරහා රටට යහපතක් කිරීමට නොහැකි බව මංගල සමරවීර මහතා තමාට පැවසූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ...

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි...

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...