33 C
Colombo
Friday, May 3, 2024

රුසියාවෙන් බැටකන සුන්දර යුක්‍රේන රට ගැන කියවන්න

- Advertisement -

යුක්‍රේනය යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. එය නැගෙනහිර සහ ඊසාන දෙසින් මායිම් වන රුසියාවෙන් පසු යුරෝපයේ කලාපීය වශයෙන් දෙවන විශාලතම රට වේ. යුක්රේනය සහ බෙලරුස් උතුරින් දේශසීමා වූ රාජ්‍යයන් වේ. බටහිරින් පෝලන්තය , ස්ලෝවැකියාව සහ හංගේරියාවද රුමේනියාව සහ මෝල්ඩෝවා දකුණින්ද, Azov මුහුද සහ කළු මුහුද වශයෙන් දේශසීමා සහිත වෙරළ තීරයක් යුක්‍රේනයට පවති. එය වර්ග කිලෝමීටර් 603,628 භුමි ප්‍රමාණයකින් යුත් ,මිලියන 43.6 ක ජනගහනයක් සහිත, යුරෝපයේ කලාපයේ අටවන වැඩිම ජනගහනය සහිත රට වේ. රටේ අගනුවර සහ විශාලතම නගරය Kyiv වේ .

නූතන යුක්රේනයේ භූමි ප්‍රදේශය ක්‍රි.පූ 32,000 සිට ජනාවාස වී ඇති බවට සාක්ෂි පවති. මධ්‍යතන යුගයේදී , මෙම ප්‍රදේශය නැගෙනහිර ස්ලාවික් සංස්කෘතියේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ අතර, ඓතිහාසික ගෝත්‍රික ප්‍රජාවක් වන Kievan Rus යුක්රේනියානු අනන්‍යතාවයේ පදනම විය. 13 වන ශතවර්ෂයේ ප්‍රධාන රාජ්‍ය කිහිපයකට ඛණ්ඩනය වීමෙන් පසුව සහ මොන්ගෝලියානු ආක්‍රමණයෙන් ඇති වූ විනාශයෙන් පසු, එම ගොත්‍රික ප්‍රජාවේ භෞමික එකමුතුකම බිඳ වැටුණු අතර, පෝලන්ත සහ ලිතුවේනියාව , ඔස්ට්‍රියාව හා හංගේරියාව ඇතුළු විවිධ බලවතුන් විසින් භුමි ප්‍රදේශ, තරඟ කර, බෙදී පාලනය කරන ලද බිමක් එදා යුක්‍රේනයට හිමි විය . ඔටෝමාන් අධිරාජ්‍ය සහ රුසියාවේ සාර්ඩම් පාලනයට නතුව, පසුව 17 වන සහ 18 වන ශතවර්ෂවලදී මෙම සමෘද්ධිමත් භූමි ප්‍රදේශය අවසානයේ පෝලන්තය සහ රුසියානු අධිරාජ්‍යය අතර බෙදී ගියේය . රුසියානු විප්ලවයෙන් ඉක්බිතිව, ස්වයං පාලනය සඳහා යුක්රේන ජාතික ව්‍යාපාරයක් මතු වූ අතර, ජාත්‍යන්තරව පිළිගත් යුක්‍රේන මහජන සමූහාණ්ඩුව 1917 ජුනි 23 දින ප්‍රකාශයට පත් කරන ලදී. යුක්රේන සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව (The Ukrainian SSR was a founding member of the Soviet Union in 1922) 1922 දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙක් විය.

1946-1950 යුක්‍රේන් පස් අවුරුදු සැලැස්ම තුළ සෝවියට් අයවැයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් යුක්රේනයේ ආයෝජනය කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුක්‍රේන ශ්‍රම බලකාය 1940 සිට 1955 දක්වා 33.2% කින් ඉහළ ගිය අතර එම කාලය තුළ කාර්මික නිෂ්පාදනය 2.2% ගුණයකින් වර්ධනය විය. සෝවියට් යුක්රේනය ඉක්මනින්ම කාර්මික නිෂ්පාදනයේ යුරෝපීය ප්‍රමුඛයා බවට පත් විය. සෝවියට් ආයුධ කර්මාන්තයේ සහ අධි තාක්‍ෂණික පර්යේෂණවල වැදගත් මධ්‍යස්ථානය යුක්‍රේනය විය. 1986 අප්‍රේල් 26 වන දින, යුක්‍රේන භුමියේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස චර්නොබිල් ව්‍යසනය , ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක අනතුර ලෙස සනිටුහන් විය. නමුත් සෝවියට් සමූහාණ්ඩුව විසුරුවා හැරීමෙන් පසු , යුක්රේනය සෝවියට් න්‍යෂ්ටික අවි ගබඩාවෙන් තුනෙන් එකක් පමණ තබා ගන්නට විය. එසේ වූවත් 1994 දෙසැම්බර් 5 වන දින යුක්රේනය , රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය යන රටවල නායකයින් යුක්රේනයට න්‍යෂ්ටික අවි භාවිතා නොවන රාජ්‍යයක් ලෙස පෙනි සිටිම සම්බන්ධයෙන් ආරක්ෂක සහතිකයක් ලබාදීම සඳහා වූ සංදේශයකට අත්සන් තබන්නට විය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු 1991 දී යුක්‍රේනය නිදහස් ස්වාධින රාජ්‍යයක් විය. ඊට පැවති ජනමත විචාරණයක් සහ පළමු ජනාධිපතිවරනය 1991 දෙසැම්බර් 1 දින පැවැත්විණි. ඡන්දදායකයින්ගෙන් 92% කට වඩා වැඩි පිරිසක් ස්වාධීනවීමේ පනතට තම සහය ප්‍රකාශ කළ අතර, ඔවුන් යුක්රේනයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස එවකට පාර්ලිමේන්තුවේ සභාපති ලියොනිඩ් ක්‍රව්චුක් තෝරා පත් කර ගන්නට විය.

නිදහස ලැබීමෙන් පසුව, යුක්රේනය මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළේය . එය රුසියාව සහ අනෙකුත් CIS හෙවත් ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලය-The Commonwealth of Independent States රටවල් සමඟ සීමිත හවුල්කාරිත්වයක් ගොඩනඟා ගන්නට විය. CIS රජ්‍යයන් ලෙස ආර්මේනියාව,අසර්බයිජානය,බෙලාරුස්,කසකස්තානය,කිර්ගිස්තානය,මෝල්ඩෝවා,රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය හැදින්විය හැකිය. 1990 ගණන්වල අවසානය වන විට යුක්රේන ආර්ථිකය ස්ථාවර විය. නව මුදල් ඒකකයක්, hryvnia 1996 දී හඳුන්වා දෙන ලදී. 2000 වසරෙන් පසු, එරට වාර්ෂිකව සියයට හතක් පමණ වන ස්ථාවර ආර්ථික වර්ධනයක් භුක්ති වින්දින්නට විය. 1996 දී දෙවන ජනාධිපති ලියොනිඩ් කුච්මා යටතේ යුක්රේනයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන ලද අතර, එය යුක්රේනය අර්ධ-ජනාධිපති ජනරජයක් බවට පත් කර ස්ථාවර දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට හේතු විය.

තැඹිලි විප්ලවය

2004 දී, යුක්රේනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව වංචා දුෂණයන් සඳහා චෝදනා ලත් ජනාධිපතිවරණ ජයග්‍රාහකයා ලෙස එවකට අගමැති වික්ටර් යනුකොවිච් ප්‍රකාශයට පත් කරන ලදී . මෙම ප්‍රතිඵලයට අභියෝග කළ විරුද්ධ අපේක්ෂක වික්ටර් යුෂ්චෙන්කෝට සහය දැක්වීම සඳහා මහජන විරෝධයක් ඇති කළේය . විප්ලවයේ කැලඹිලි සහිත මාසවලදී, අපේක්ෂක යුෂ්චෙන්කෝ හදිසියේම බරපතල ලෙස රෝගාතුර වූ අතර, ස්වාධීන වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් විසින් TCDD ඩයොක්සින් විෂ වී ඇති බව ඉක්මනින් සොයා ගන්නා ලදී . යුෂ්චෙන්කෝ ඔහුගේ විෂවීම සම්බන්ධයෙන් රුසියානු මැදිහත්වීම දැඩි ලෙස සැක කළේය. මේ සියල්ල අවසානයේ සාමකාමී තැඹිලි විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස යුලියා ටිමොෂෙන්කෝ බලයට ගෙන එන අතර වික්ටර් යනුකොවිච් විපක්ෂ නායක ලෙසට පත් කෙරිනි.

යුක්රේනය මානව සංවර්ධන දර්ශකයේ 74 වන ස්ථානයේ සිටින සංවර්ධනය වෙමින් පවතින රටකි . එය දරිද්‍රතා දර්ශකයේ ඉහල අනුපාතයක් පෙන්නුම් කරන රටකි. යුරෝපිය කලාපයේ දුප්පත්ම රටයි .නමුත් එරට දැවැන්ත සාරවත් ගොවිබිම් නිසා, යුක්රේනය ලෝකයේ විශාලතම ධාන්‍ය අපනයනය කරන රාජ්‍යයන් අතර කැපි පෙන්. යුක්රේනය බලශක්ති අපනයන කරන රටක්.

ප්‍රාන්ත 24කි. යුක්රේනය යනු ව්‍යවස්ථාදායක , විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලතලවලින්සැදුම්ලත් රාජ්‍යයකි. යුක්රේනයේ සැලකිය යුතු ස්වභාවික සම්පත් අතර යකඩ, ගල් අඟුරු, මැංගනීස්, ස්වාභාවික වායු, තෙල්, ලුණු, සල්ෆර්, මිනිරන්, ටයිටේනියම්, මැග්නීසියම්, kaolin , නිකල්, රසදිය, සහ වගා කළ හැකි ඉඩම් බහුල වේ. එසේ තිබියදීත්, රට පානීය ජලය ප්‍රමාණවත් නොවීම වැනි ප්‍රධාන පාරිසරික ගැටලු ගණනාවකට මුහුණ දී සිටී. වායු හා ජල දූෂණය, වන විනාශය මෙන්ම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ 1986 අනතුරෙන් ඊසානදිග විකිරණ දූෂණය ප්‍රබලගැටලු වේ. 2007 දී යුක්රේනය ලෝක සංචාරක සංවිධානයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව සංචාරය කරන සංචාරකයින් සංඛ්‍යාව අනුව යුරෝපයේ 8 වන ස්ථානයට පත්විය.යුක්රේන සිරිත් විරිත් රටේ ප්‍රමුඛ ආගම වන ඕතඩොක්ස් ක්‍රිස්තියානි ධර්මයේ බලපෑමට ලක්ව ඇත.සාහිත්‍ය,ක්‍රිඩා,සංස්කෘතිකමය වශයෙන් ලොව ජනාදරයට පත් චරිත රැසක්ම එරට වාසය කරයි.

– සහන් හේවා ගමගේ –


RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...