29 C
Colombo
Saturday, May 4, 2024

තෙල් ගැන අගමැති කිව්වෙ මහ මෝඩ කතාවක් – විමල් වීරවංශ (වීඩියෝ)

- Advertisement -

පවත්නා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කුරුණෑගලදී කතාවක් පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ‘මහ මෝඩ ප්‍රකාශයක්’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

මෙරට ඉන්ධන අර්බුදයක් ඇතිව තිබෙන්නේ ඉන්ධන නොමැති බවට හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය නොව ආනයනික ඉන්ධන නැව් මෙරටට ගොඩබෑම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රටේ ඩොලර් නොමැති නිසා බවයි විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ගෑස් සම්බන්ධයෙන්ද මතුව තිබෙන්නෙ එවන් අර්බුදයක් බව වීරවංශ මහතා සදහන් කරනවා.

අර්බුදයේ ඇත්ත තත්ත්වය සාකච්ඡා නොකොට කිසිදු අර්බුදයක් නොමැති බවට සිතා යම් අයෙක් රාත්‍රියේ නිදිවදියි නම් පසුදා උදෑසන හිසට අර්බුදයේ පොලු පහර ලැබෙන බව වීරවංශ මහතා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...