33 C
Colombo
Tuesday, April 30, 2024

රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් – විමල්

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ආන්දෝලනාත්මක කරුණු රාශියක් සිරස රූපවාහිනී නාළිකාවේ Ten Question​ වැඩසටහන හා එක්වෙමින් හෙළි කළේය.

මේ එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ කිහිපයකට ලබාදුන් පිළිතුරු කිහිපයකි.

බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති. ඔහුට ඉහළින් ඉන්නවා අග්‍රාමාත්‍යවරයා. ඔහුටත් ඉහළින් ඉන්නවා ජනපතිවරයා. පසුගිය දවස්වල ඔබ කරපු කථා අනුව අපිට හා රටට හිතෙනවා මේ ඔක්කොටම උඩින් මුදල් අමාත්‍යවරයා ඉන්නවා කියලා.?

මුදල් අමාත්‍යවරයා න්‍යාය පත්‍රයකට හා මෙහෙයවීමකට අනුව වැඩ කරන කෙනෙක්. අද මම කියන දේ පිළිගන්නේ නැතිවුණොත් තව අවුරුද්දක් යනකොට පිළිගන්න වෙනවා. මුදල් ඇමතිකමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කැමැත්තෙන් දීපු එකක් නෙමෙයි.

ඒක ඔහු යම්කිසි පීඩනයක් ඇති කරලා ගත්තා. අරගෙන ඔහු හිතාම  සූක්ෂමව  පී. බී. ජයසුන්දරත් හිටියා ජනපති ගාව ජනපති ලේකම් වෙලා. පී.බී.ත් මුදල් ඇමතිත් අතර තියෙන්නේ බොහොම හොඳ සම්බන්ධතාවක්. මේ අය අග්‍රාමාත්‍යවරයා නොසළකා හරින තත්ත්වයට පත්කළා. ජනපතිවරයාව  ප්‍රාණ ඇපයට ගත්තා.

මම මේ කියන්නේ බැසිල් රාජපක්ෂ මේක කරන විදිහ. ‘පොහොට්ටුව කියන පක්ෂය මගේ අතේ තියෙන්නේ. ඒ නිසා මේක සෙල්ලම් නෑ. ඕවා කළොත් පොහොට්ටුව විරුද්ධ වෙයි. එහෙම වුණොත් මට නවත්වන්න බෑ. ඒ නිසා මම කියන එක කරන්න’ ඒකයි අපි ගොඩක් කලින් කිව්වේ ජනපතිවරයා පොහොට්ටුවේ නායකත්වයට ගේන්න ඕන කියලා.

මේ තමයි ලංකාවේ පළවෙනි අවස්ථාව බලය ගන්න පක්ෂයේ නායකත්වයක් නොදරන කෙනෙක් ජනපති වෙන අවස්ථාව.මේක බැසිල් රාජපක්ෂ කියන කෙනාගේ පෞද්ගලික දෙයක්. මේ බලය ඔහු භාවිත කළා මේක මෙහෙයවන්න.

ජනපතිවරයා බැසිල් රාජපක්ෂ මත යැපෙන කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. ඒක තමයි කනගාටුදායක තත්ත්වය.

භාණ්ඩ තුන්සිය ගණනක් ගෙන්වීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තියෙනවා. මේක මීට මාස 4කට පමණ කලින් කරන්න තිබුණ දෙයක්. දැන් බස් එක ගිහින් ඉවරයි.ලෝකේ මුදල් ඇමති කෙනෙක් දැකලා තියෙනවද ඩොලර් බ්ලැක් මාකට් එක ප්‍රශ්ණයක් නෑ කියන. මේ මුදල් ඇමති කිව්වනේ ඒක අවුලක් නෑ කියලා.

බැසිල් රාජපක්ෂ කරන්නේ ගත යුතු තීරණ නොගෙන අර්බුදයෙන් අර්බුදයට රට යැවීමයි.

ඔබේ සටන තියෙන්නේ බැසිල් රාජපක්ෂ සමගද මේ පාලනය සමගද?‍

මේ පාලනය මෙහෙයවන්නේ දැන් බැසිල් රාජපක්ෂනේ. බැසිල් රාජපක්ෂ මෙහෙයවන්නේ කවුද? ඒකයි ඊළඟ ප්‍රශ්නය. බැසිල් රාජපක්ෂ  ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළේ නෑ. තමන්ට රටට එන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තා.

මේ  පුද්ගලයාට ඉන්නවා ස්වාමියෙක්. ඔහුගේ විශ්‍රාම ජීවිතය තියෙන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ. ඔහුගේ දුව පුතා ඉන්නේ ඇමෙරිකාවේ. ඔහු රජයේ නිල නිවසක් අරගෙන නෑ. ඉන්නේ ෂැංග්‍රීලා එපාට්මන්ට් එකේ. ඔහුට ටක් ගාලා යන්න පුළුවන්.මොහු ඇමෙරිකාව සතුටු නොකර ගියොත් ඔහුට එහි ඉන්න වෙන්නේ නෑ.

ප්‍රශ්න කථා කරන්න තිබුණ පක්ෂ නායක රැස්වීමත් දැන් නෑ. මොකද පක්ෂ නායක රැස්වීම් තියෙනවද නැත්ද කියලා තීරණය කරන්නේ බැසිල් රාජපක්ෂ, ඔහු කැමති නෑ ප්‍රතිවිරුද්ධ මත වලට ඇහුම්කන් දෙන්න. එයා කියන එක පිළිගන්න අය තමයි ඉන්න ඕන.

ඔබ කියනවා බැසිල් රාජපක්ෂව මුදල් විශුද්ධීකරණය යටතේ ඇමෙරිකාවට ප්‍රශ්න කරන්න පුළුවන් කියලා.?

බැසිල් රාජපක්ෂ මහත්තයා ජනපතිවරණයට ඇඳුම් මහලා ඡායාරූප ශිල්පීන් ගෙනල්ලෝ පොටෝ ගහගෙන ඉදිද්දී අපි ඒ සිහිනය කුඩු පට්ටම් කරලා ගෝඨාභය මහත්තයා ගේන්න ඕන කියන මතය අපි හැදුවා.

බැසිල් රාජපක්ෂට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න බැරි බාධාවක් තියෙනවා. මුදල් විශුද්ධීකරණය නිසා. මේ මම දැනගන්න විදිහක් නෑ සමීප කෙනෙක් කිව්වේ නැත්නම්. ගෝඨාභය මහත්තයා කීප වතාවක් ඇමෙරිකාවට ගිහින් ආවා.

එක අවස්ථාවකත් ඔහුව ගුවන් තොටුපොළේ ප්‍රශ්න කළෙ නෑ. එක අවස්ථාවකදී බැසිල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා එන්න තියෙන දිනයට කලින් ආවා. ඒ ආවේ ෆෙඩරල් පොලීසියෙන් ප්‍රශ්න කරන්න නියමිතව තිබණ නිසා.

ඒකට මුහුණ නොදී. එයාට ඒවා ෂේප් කරන්න ඕන. එවා ෂේප් කරන්න ඔහු මේ රට ඒ අයට ඕන විදිහට හසුරවන්න ඕන.කැමති වුණනත් නැතත් ඔහු මේ කරන්නේ ඒ ජොබ් එක. කාටහරි තේරෙන්නේ නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් ඒක තේරෙයි.

ඇත්ත කථාව බැසිල් රාජපක්ෂ ගහන මැච් එක ගහලා ඉවර කර ගන්න පුළුවන් වුණොත් රාජපක්ෂවරුන්ට ආයේ ලංකාවේ දේශපාලනයේ කිසිම තැනක් ලැබෙන්නේ නෑ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට යම් කිසි හීනයක් හිතේ තියෙනවානම් ඒක දවල් හීනයක් බවට පත්වෙනවා.

ඔහු මොනවද ඇමෙරිකාව වෙනුවෙන් කරන්න යන කොන්ත්‍රාත්තු?

ඇයි මේක පාලනයට  කරන්නේ නැත්තේ. ඇයි මේක උත්සන්න වෙන්න දෙන්නේ. ඇයි කලු සල්ලි ඩොලර් මාකට් එක ප්‍රවර්ධනය කරන්නෙ. ඇයි මහ බැංකු අධිපතිතුමා ලිපි නමයකින් දීලා තියෙන නිර්දේශ ගැන අඩුගාණේ එයත් එක්ක සාකච්ඡා කරන්නෙවත් නැත්තේ. ඇයි විශේෂඥ මණ්ඩලයකට ආර්ථිකය මෙහෙයවන්න දෙන්නේ නැත්තේ.

ඇයි අර්බුදය උත්සන්න කරන්නේ ගෝඨාභය රාජපක්ෂට මේක එපා වෙලා අත්හැරලා යන තත්ත්වයට  පත්කරන්න. අගමැති මහින්ද රාජපක්ෂ දැනටත් වඩා දුර්මුඛ තත්ත්වයට ඇද වට්ටවන්න. තනියෙන් තමාගේ අතට මේ බලයේ සුක්කානම ගැනීම සඳහා එ වගේම එතනින් එහාට ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටු දෙකට වට්ටලා හරි ඉන්දු – ඇමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතාවක් සඳහා අපේ රට යටත් කිරීම සඳහා.

දැන් මේ මාසේ එනවා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙක්. ඔහු එන්නේ නැවත එම්.සී.සී. ඇග්‍රීමන්ට් එක අත්සන් කරන තැනට ගේන්න. නේපාලයේ මේ අග්‍රිමන්ට් එක අත්සන් කළෙත් ඔහු. ඒ අයගේ ජොකියා ඉන්නවා මුදල් ඇමති පුටුවේ.

ඉතින් ඔහු ඔහුගේ පවුලේ අයටත් ගහනවනේ එහෙනම්?

මේ පවුලේ තියෙන විශේෂත්වය තමයි බැසිල් රාජපක්ෂ හැර අනිත් හැමෝම පවුලේ අය ගැන හිතනවා. අනිත් අය හිතනවා බැසිල් රාජපක්ෂත් ඒ අය වගේ කියලා. හැබැයි එයා එහෙම නෑ. එයාගේ ඉතිහාසයත් ඒ ගැන පෙන්වලා තියෙනවා.

ඒ යූ ඇන්පියෙන් එක පාරක්  ගාමිණී දිසානායක ගාව ඉදගෙන හම්බන්තොට තරග තළා මහින්ද රාජපක්ෂට විරුද්ධව. නාම්ල් රාජපක්ෂට මේක තේරෙනවා ඇති කරගන්න දෙයක් නැතිව ඇති. මහින්ද රාජපක්ෂටත් නොතේරෙනවා වෙන්න බෑ. දැන් වෙන්නේ අම්මගේ මළ මිනිය තියාගෙන බූරු ගහනවා.

විමල් දැනගෙන හිටියද පසුගිය ආණ්ඩුවේ බැසිල් හැසුරුණේ මේ විදිහට කියලා?

ඔහු පරාජය වෙනුවෙන් වැඩ  ක ළ කෙනෙක්. පරාජය වුණාට පස්සේ පහුවෙනිදාම ගියා කාල්ටන් නිවසට ගිහින් විපක්ෂනායක කම ඉල්ලුවා. ප්‍රතික්ෂේප කළාට පස්සේ ඇමෙරිකාවට ගියා. අපි මහින්ද සුළඟ කළාට පස්සේ එයා ඇමෙරිකාවේ ඉදන් මැසේජ් එකක් දාලා තිබුණා Great Job කියලා. මම ඒකට රිප්ලයි එකක්වත් දැම්මේ නෑ.

ඊට පස්සේ එයා ආවා. බන්දුල ඇමතිතුමත් එක්ක තරහ වෙන්න හේතුව මේකයි. ජී.එල්. පීරිස් ඇමතිතුමාගේ ගෙදර තිබුණා සාකච්ඡාවක්. ඒකේ බන්දුල මම අපි කට්ටියක් හිටියා. බන්දුල ඇමතිතුමා කිව්වා ඔබතුමා එළියට එන්න එපා තිරෙන් පිටිපස්සේ ඉදලා කරන උදව්වක් කරන්න කියලා.

ඒක තමයි බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් එක්ක තියෙන කේන්තිය. එවෙලේ බොහෝම ප්‍ර කෝප වෙලා ‘මට දේශපාලනය කරන්න තියෙන අයිතියට කාටවත් බාධා කරන්න බෑ. ඒක මගේ අයිතියක්’  කියලා කිව්වා.

හිතෙන්නේ නැත්ද පවුලක් රට පාලනය කිරීම භයානකයි කියලා?

මම හිතන්නේ ලංකාවේ රාජ්‍ය පාලනයේ තියෙන අවසාන පවුල බවට මේ පවුල පත්වෙයි. මෙතනින් එහාට පවුල් පාලනයක් නෑ. පවුල් පාලනය විතරක් නෙමෙයි උඩරට පහතරට ප්‍රභූ පාලනයත් මෙතනින් ඉවරයි. මේ අවසාන පරිච්චේදය. සිරිසේන මහත්තයි, ප්‍රේමදාස මහත්තයි අහඹු.

ඉදිරි දේශපාලනයේදී පංචායුධය රජපක්ෂ දේශපාලයෙ ආරක්ෂාවක් වෙන්නේ නැත්ද?

කිසිසේතම නෑ. නැවත මේ අයත් සමග කිසිම මැතිවරණයකට තරග කරන්නේ නෑ. නැවත මේ අයත් සමග කිසිම දේශපාලන සහයෝගයක් නෑ.    

නාමල් රාජපක්ෂ මහත්තයා?

මම හිතන්නේ නෑ නාමල්ට දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේක අවසන් කරන්න හිතන විදිහ අනුව.

මම සහතික වෙන්නම් නාමල් රජපක්ෂ කියන තරුණ මන්ත්‍රීවරයා ඔහේ බලාගෙන දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියොත් ඔහුගේ දේශපාලන ගමන අවසන් වෙනවා  බැසිල් රාජපක්ෂ ගහන මැච් එක ගහලා ඉවර කරන්න දුන්නොත්. බැසිල් රාජපක්ෂ ගහන මැච් එක නැවැත්තුවොත් ඔහුට අනාගතයත් තියෙයි.

මේ ජනපති යටතේ ආයි ඇමතිකමක් භාර ගන්නේ නෑ?

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉන්න තාක් කල් මම කිසිම ලෙසක මේ ආණ්ඩුවේ මම ඇමතිකම් දරන්නේ නෑ. මේ පුද්ගලයා මේ රටෙන් එළවන්න ඕන. ඉන්න දුන්නොත් මේ විපත තවත් වැඩිවෙනවා. මේ ඇතිවන පීඩාව ඔහුගේ නිර්මාණයක්.

RECENT ARTICLES - SINHALA

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017 වර්ෂයේ මැයි මස 2වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...