32 C
Colombo
Sunday, May 5, 2024

ඉන්ධන අර්බුදය මැද පොලිස් ආරක්ෂාවෙන් වාහන සවාරියක් (වීඩියෝ)

- Advertisement -

සුඛෝපභෝගී මෝටර් රථ හා අධිබල එන්ජින් ධාරිතාවය සහිත යතුරුපැදි යොදාගෙන කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා ඊයේ (17) දිනයේ වාහන සවාරියක් පවත්වා තිබෙනවා.

Spin Riders නම් සංවිධානයක් විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඊට රථ වාහන පොලීසියේ ආරක්ෂාවද ලබාදී තිබුණා.

කෙසේ වෙතත් මෙය ගමන්ගන්නා අතර තුර මාදම්පේ ඇතුළු ස්ථාන කිහිපයකදී ජනතා විරෝධය එල්ල වුණා.

රටේ දැවැන්ත ඉන්ධන අර්බුදයක් පවත්නා මෙවන් අවස්ථාවක පෙට්‍රල් හා ඩීසල් නාස්ති කරමින් මෙලෙස වාහන සවාරියක් ගමන් කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි විරෝධතාවයේ නිරත ජනතාව සවාරියේ ගමන්ගන්නා රථවාහනවලින් විමසා සිටියා.

දළුව මංසන්ධියේදී කල්පිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් මාර්ගය අවහිර කර අදාළ පිරිසට විරෝධය පලකළා.

කෙසේ වෙතත් මෙම රැළිය සංවිධානය කළ පිරිස පවසන්නේ තමන් එක්රැස් කරගත් රුපියල් ලක්ෂ 12 ක මුදලක් මහරගම අපේක්ෂා පිළිකා රෝහල වෙත ලබාදීම සඳහා මෙලෙස වාහන පෙළපාලියකින් ගමන් ගන්නා බවයි.

මෙය සෑම වසරකම පැවැත්වෙන බවත්, මින් කිසිදු පුද්ගලයෙකුට හිරිහැරයක් නොවන බවත් සංවිධායකයින් සදහන් කරනවා.

නමුත් මෙහි ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වන ආකාරයද සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

කෙසේ වෙතත් මහජන විරෝධය හා කොන්දේසි වලට පටහැනිවීම නිසා කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මීරිගම සිට පැමිණි මෙම වාහන සවාරිය නතර කිරීමට පොලීසිය අද (18) පියවර ගෙන තිබුණා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...