33 C
Colombo
Sunday, May 5, 2024

ආණ්ඩුව පෙරළන්න. රට පෙරළන්න එපා – ඩලස්

- Advertisement -

“ආණ්ඩුව පෙරළන්න. රට පෙරළන්න එපා” යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ පුවත්පත් ප්‍රධාන කතෘවරුන් සමඟ පැවති හමුවකදීයි.

ජනතාව කුපිත කරවන අන්දමින් ප්‍රවෘත්ති පලකිරීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී පුවත්පත් කතෘවරුන්ගෙන් ඉල්ලා සිටියා.

“අද රටේ ඇතිවී තිබෙන ප්‍රශ්න ප්‍රචණ්ඩත්වයෙන් විසදන්න බැහැ. මිරිහානේ සාමකාමීව පැවති උද්ඝෝෂණයට පිටස්තර පුද්ගලයින් පැමිණ ප්‍රචණ්ඩත්වයක් ඇති කර තිබෙනවා. 3 වෙනිදා පැවැත්වෙන බව කියන උද්ඝෝෂණය සාමකාමීව පවත්වනු ඇතැයි මම විශ්වාස කරනවා. ජනතාවට උද්ඝෝෂණය කිරීමේ අයිතිය තියෙනවා. එහිදී ප්‍රචණ්ඩත්වයක් ඇති කෙරෙන ආකාරයට මාධ්‍යවලින් හෝ වෙනත් ක්‍රමවලින් කටයුතු කිරීම සුදුසු නැහැ කියා මා සිතනවා. පවතින අර්බුදය හමුවේ ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමෙන් ඉන්නෙ. අද ජනතාව සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණදී සිටින බව රහසක් නොවෙයි. මේ අවස්ථාවේ මාධ්‍යකරණයේදී පිටස්තරයෙකු ලෙසින් කටයුතු කරන ලෙස මම ඉල්ලනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...