33 C
Colombo
Wednesday, May 1, 2024

ඇමරිකන් ආරක්ෂක ප්‍රධානියෙකු ඉන්දියාවට

- Advertisement -

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සඳහා එක්සත් ජනපද නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක දලීප් සිං සිය ඉන්දියාවේ සංචාරයක නිරතව තිබේ.

එහිදී ඔහු වත්මන් යුක්රේන අර්බුදය පිළිබදවත් ආරක්ෂක අභියෝග පිළිබදවත් ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශකවරුන් සාර්ථක සාකච්ඡා වටයක් පැවැත් වූ බව ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ කේට් බෙඩිංෆීල්ඩ් පවසයි.

සිං සිය ඉන්දීය සංචාරයේදී මධ්‍යම වාණිජ හා කර්මාන්ත, පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය පියුෂ් ගෝයල් හමුවී ඉන්දීය-එක්සත් ජනපද ආර්ථික හා උපායමාර්ගික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමේ පියවර ගැන ද සාකච්ඡා කර ඇතැයි සඳහන් වේ.

මේ අතර, ඉන්දියානු සහ එක්සත් ජනපද අමාත්‍යවරුන් අතර හමුවක් අප්‍රේල් 11 වන දින වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අතර එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දරුණු අතුරු ආබාධ සැඟවි‍මෙන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා

කොවිඩ් සමයේදී ලබාදුන් AstraZeneca එන්නතින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී...

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන්

එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන 'ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට පිළිගෙන...

තවත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරන බවට...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...