33 C
Colombo
Tuesday, April 30, 2024

චීන හමුදාව රෑ වැඩ වැඩි කරයි

- Advertisement -

නැඟෙනහිර සහ දකුණු චීන මුහුදේ වෙරළ තීරයේ මහජන විමුක්ති හමුදාවේ ක්‍රියාකාරකම් වැඩිවෙමින් පවතින අතර නාවික හමුදාව 2020 වසරට සාපේක්ෂව 2021 දී රාත්‍රී අභ්‍යාස 100 කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වූ බව ආරක්ෂක වාර්තා පවසයි.

නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ වෙරළ තීරයේ ජනතා විමුක්ති හමුදාව විසින් දිවා රාත්‍රී අභ්‍යාසවල යෙදෙන දර්ශන චීන රාජ්‍ය රූපවාහිනිය විසින් පසුගිය දා විකාශය කෙරිණ.

විශ්ලේෂකයන් පවසන්නේ කලාපය තුළ එක්සත් ජනපද නාවික හමුදාවේ වැඩිවන ක්‍රියාකාරකම්වලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා මෙම ක්‍රියාකාරකම් වේගවත් කර ඇති බවයි.

මෙම අභ්‍යාසවලට දිය යට ඔත්තු බැලීම, ගුවන් ආරක්‍ෂාව සහ නැව් ප්‍රහාර එල්ල කිරීම ඇතුළත් වූ බව චීන රාජ්‍ය රූපවාහිනිය පවසයි.

යුධ අභ්‍යාසවලට අමතරව චීනය කලාපයේ ඔත්තු බැලීමේ අවස්ථා වැඩි කර ඇති බවත් ඔත්තු බැලීමේ ගුවන් ගමන් 1,200 ක් සහ ඔත්තු නැව් මගින් මුහුදු දින 419 ක් වටිනා මෙහෙයුම් සිදු කර ඇති බවත් මිලිටරි මෙහෙයුම් නිරීක්ෂණය කරන බීජිං පදනම් කරගත් දකුණු චීන මුහුදේ මූලෝපායික තත්ව විමර්ශන මුලපිරීම (SCSPI) වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද...

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...