33 C
Colombo
Wednesday, May 1, 2024

කබ්‍රාල්ට රට යන්න තහනම්..! – අධිකරණ නියෝගයක්

- Advertisement -

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද නිකුත් කෙරිණ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝගය නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීය.

RECENT ARTICLES - SINHALA

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දරුණු අතුරු ආබාධ සැඟවි‍මෙන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා

කොවිඩ් සමයේදී ලබාදුන් AstraZeneca එන්නතින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී...

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන්

එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන 'ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට පිළිගෙන...

තවත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරන බවට...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...