32 C
Colombo
Monday, May 6, 2024

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක්. ලෝක බැංකුවෙන් හදිසි ආධාර

- Advertisement -

ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම බංගලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450 ක ගෙවීමක් කල් දැමීමටද බංගලාදේශය කැමැත්ත පළ කර ඇති බව අමාත්‍ය ජී.එල් පීරිස් මහතා රොයිටර්ස් පුවත් සේවය වෙත සදහන් කර තිබෙනවා.

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර අප වෙත පැමිණීමට මාස හයක් පමණ කාලයක් ගත විය හැකි අතර එය කොටස් වශයෙන් ලැබෙනු ඇතැයි”මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එසේ ලැබීමට ගතවන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ආධාර සොයා ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ,සෞඛ්‍ය උපකරණ ,පෝෂ්‍යදායි සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි බව ලෝක බැංකුව සදහන් කරනවා.

ශ්‍රී ලංකාවේ මුදල් ඇමති අලි සබ්රි සහ මහ බැංකුවේ අධිපති හා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් හමුුවූ අවස්ථාවේ දී ලෝක බැංකුවේ දකුණු ආසියා උප සභාපති හාර්ට්විග් ශාෆර් මහතා මේ බව පවසා තිබෙනවා.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක බැංකුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ පා සිටින දුප්පත් සහ අවධානමට ලක් වී සිටින පාර්ශ්ව වෙනුවෙන් හදිසි ආධාර සැපයීමට සූදානමින් සිටින බව ලෝක බැංකුවේ දකුණු ආසියා උප සභාපති හාර්ට්විග් ශාෆර් මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...