29 C
Colombo
Sunday, March 16, 2025

රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ..! – නව බලශක්ති හා විදුලිබල ඇමති

- Advertisement -

මේ වන විට රට තුල ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සම්බන්ධ ගැටළුවක් විනා ඉන්ධන ගැටළුවක් නොවන බව බලශක්ති අමාත්‍ය, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.

රට තුල ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති බවට හිටපු අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.දින 10කට ප්‍රමාණවත් පෙට්‍රල් සහ දින 14කට ප්‍රමාණවත් ඩීසල් තොග රට තුල පවතින බවත් යාත්‍රා දෙකක රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් ෂැමරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු ගොඩ බෑම අරඹා ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

දැනටමත් තිබෙන ගල් අඟුරු තොග සහ අලුතින් ලැබී ඇති තොග එක්ව ගත් විට ගල් අඟුරු බලාගාර මෙගා වොට් 810 ක උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තැනින් තැන සිදු කෙරෙන උද්ඝෝෂණ හා මාර්ග අවහිර කිරීම් නිසිපරිදි රටපුරා ඉන්ධන බෙදා හැරීමට බලවත් බාධාවක් වන බැවින් ජන ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට ඊට සහය වන්නැයි බලශක්ති ඇමතිවරයා ජනතාවට පවසනවා.

RECENT ARTICLES - SINHALA

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

Breaking: බටලන්ද ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබුවා ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී...

POPULAR ARTICLES