28 C
Colombo
Monday, May 6, 2024

බෙහෙත් වර්ග 525 ක්, ශල්‍ය ද්‍රව්‍ය 5376 ක් තොග අවසන් – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

- Advertisement -

මේ වන විට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525 ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5376 ක් සම්පූර්ණයෙන්ම තොග අවසන්වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනය කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 1358 ක් තිබිය යුතු වුවත් ඉන් ඖෂධ 525 ක් නොමැති බවයි.

එමෙන්ම ශල්‍ය ද්‍රව්‍ය 8553 ක් තිබිය යුතු වුවත් ශල්‍ය ද්‍රව්‍ය 5376 ක් මේ වන විට අවසන්ව ඇති බව නිවේදනයේ සදහන්.

මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 6 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239 ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග 280 ක තොග අවසන්ව ඇති බව එම සංගමය පවසනවා.

හදිසි හෘදයාබාධ සඳහා භාවිතා කරන ඖෂධ, ජලභීතිකාව සඳහා භාවිතා කරන එන්නත් වර්ග මේ වන විට තොග අවසන්වී තිබෙනවා.

ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ඖෂධ බොහෝමයක් ඇණවුම් කර ඇති නමුත් ඒවා මෙරටට පැමිණීමට තව සති 06 ක පමණ කාලයක් ගතවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...