25 C
Colombo
Thursday, May 9, 2024

දේශපාලනඥයෝ එපා, මහින්ද OK..! – නෙත් FM

- Advertisement -

වත්මන් අර්බුදයන් සඳහා විසඳුම් ලබාදෙන තෙක් කිසිඳු දේශපාලඥයෙක් සිය ආයතනයේ වැඩසටහන් සමඟ සම්බන්ධ කර නොගන්නා බවට නෙත් FM ආයතනය විසින් පෙරේදා (21) දින සිය ෆේස්බුක් පිටුවේ පල කර තිබූ අතර එම සටහනම එම ආයතනයේ ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී නුවන් ලියනගේ ද සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණා.

මේ සඳහා අර්බුදයන්ට මුහුණ දී සිටින ජනතාවගෙන් ලැබී තිබුණේ යහපත් ප්‍රතිචාරයි.

කෙසේ නමුත් අදාල මාධ්‍ය ආයතනයම අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබීම විමතියට කරුණක්.

නෙත් FM ආයතනය විසින් අර්බුදයන්ගෙන් මිරිකී සිටින ජනතාවගේ අවධානය ගැනීමට පමණක් එවැනි සටහනක් තැබුවද රාජපක්ෂවරුන්ට ඉඩකඩ ලබා දෙන බවටයි ඇතැමුන් අදහස් පල කරන්නේ.

අදාල ආයතනය පල කළ සටහන අවංකව සිදු කරන ලද්දක් නම්, මේ වන විට රටේ අර්බුදයන් විසඳී තිබිය යුතු වීමත්, නොඑසේ නම් මහින්ද රාජපක්ෂ දේශපාලඥයෙකු නොවිය යුතු වීමත් ඔවුන්ගේ ඒ ප්‍රශ්න කිරීම් වලටන්පාදක වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...