33 C
Colombo
Friday, May 3, 2024

අරගලේට අපි නෑ..! – කොළඹ රාජකීය විද්‍යාලය කියයි

- Advertisement -

වත්මන් ආර්ථික අර්බුදයන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාව විසින් සිදුකරන ජන අරගලයට සිය සහය නොලැබෙන බව කොළඹ රාජකීය විද්‍යාලය පවසනවා.

ලිපියක් මගින් ඔවුන් දන්වා සිටින්නේ නිර්පාක්ෂිකව සිටීමට තමන් දැරූ ස්ථාවරය තව දුරටත් පවත්වාගන්නා බවයි.

විවිධ රාජකීය ආදි සිසුන් තමන්ගේ පුද්ගලික මතිමතාන්තර පෙරදැරිව විරෝධතාවයන්ට සහභාගී වුවද ඊට පාසල වශයෙන් සිය විද්‍යාලය අදාල නොවන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ නමුත්, වත්මන් අරගලය කිසිඳු පක්ෂයකට අදාල නොවන දෙයක් බවත් එය සමස්ථ ජනතාවගේ පීඩාවන්ගේ ප්‍රකාශනයක් බවත් රාජකීය විද්‍යාලයට නොවැහටී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ පාසල වන කොළඹ ආනන්ද විද්‍යාලයද අරගලයට සහය දක්වමින් විරෝධතාවයක් සිදුකර ඇති පසුබිමක සහ ගුරු – විදුහල්පතිවරුන් මීට සහය දක්වමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කර ඇති පසුබිමක රාජකීය විද්‍යාලය මෙවැනි ලිපියක් නිකුත් කිරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...