30 C
Colombo
Tuesday, May 7, 2024

දිවයිනේ සියලුම නගර පාළුවට යයි

- Advertisement -

අද (28) දිනයේ වෘත්තීය සංගම් 1000 ක එකතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනය නිසා දිවයිනේ සියලුම නගර පාහේ පාළුවට ගොස් ඇතිබවට තොරතුරු වාර්තා වනවා.

ජිවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, ගැස් හිඟය සහ විදුලි කප්පාදුව වැනි ජනපීඩක ක්‍රියාකලාප හේතුවෙන් ඊට විරෝධය පා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

මෙම වැඩවර්ජනයට සහය දක්වමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලු ම නගරවල වෙළෙඳසල් වසා දැමිමට වෙළෙඳ සංගම් පියවර ගෙන තිබෙනවා.

නුවරඑලිය, හැටන්, තලවකැලේ, කොටගල, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය යන නගරවල වෙලදසැල්ද වසා දමා අද දිනයේ වෙළඳාම් කටයුතුවලින් ඉවත්වීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

කෙසේවෙතත් වර්ජනයක් ක්‍රියාත්මක වුවද රජයේ කාර්යාල වෙත සේවකයින්ගේ පැමිණීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

නමුත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද පැවැත්වෙන වර්ජනයට සහය පළ කරන බව එහි ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත මහතා පවසනවා.

කොග්ගල වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ද ආයතන ඉදිරියට පැමිණ මේ වන විට විරෝධතාවයේ නිරත වනවා.

මේ අතර හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

තවදුරටත් රට ආර්ථික වශයෙන් දුර්වල නොකොට ආණ්ඩුවට බලයෙන් ඉවත්වන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙනවා.

මේ අතර කිසිදු ආර්ථික මධ්‍යස්ථානයකට අද දිනයේ එළවළු තොග ලැබී නොමැති බව සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික...

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...