30.1 C
Colombo
Friday, April 26, 2024

වර්ජනය කරලා දුප්පත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – ඇමති දිලුම් අමුණුගම

- Advertisement -

අද (28) දිනයේ පැවැත්වෙන වැඩවර්ජන මාලාව හේතුවෙන් විවිධ පාර්ශවයන් හා ආයතනයන් වෘත්තීය ක්‍රි‍යාමාර්ගවල නිරත වුවද කිසිදු ආකාරයක පොදු ප්‍රවාහනය තුළ එවැන්නක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

දුම්රිය හා බස් රථ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් වර්ජනය නොකර සිටීමට එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

මේ මොහොතේ වර්ජනය කිරීමෙන් අපහසුතාවට පත් වන්නේ දුප්පත් මහජනතාවම බව පැවසූ අමාත්‍යවරයා, වර්ජකයින්ගේ පණිවිඩය ජනාධිපතිවරයා හා අගමැතිවරයා තේරුම් ගැනීමට උත්සාහ කරමින් යම් යම් විසඳුම්වලට එළැඹීමට තීරණය කර ඇති බවත් සඳහන් කරනවා.

තමන් වැනි ම දුප්පත් ජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන මෙම වර්ජනවල කිසිම අර්ථයක් නැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා එසේ සඳහන් කළද දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාද නිවේදනය කරන්නේ දුම්රිය කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කර ඇති බැවැනි අද දිනයේ දුම්රිය ගමනාගමනය අඩාලවී ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...