29.6 C
Colombo
Sunday, April 28, 2024

කෑගල්ලේ උපකාරක පන්ති ආරම්භ කිරිමට පියවර

- Advertisement -

සෞඛ්‍ය සේවාවන් ලබා දෙන උපදෙස් හා නිර්දේශයන් මත 50% සිමාව මත කෑගල්ල  දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික් විශේෂ කොවිඩ් මෙහෙයුම් කමිටුව අද (28) පස්වරුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ කැඳවීමෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමාගම් වතු ප්‍රතිංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මෙහෙයුම් කමිටුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදි උපකාරක පන්ති ආරම්භ කිරිමේදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ නිර්දේශය මුලින්ම ලබාගත යුතු බවත් මිටරයක පරතරය, මුව ආවරණ පැලඳීම, ශරීර උෂ්ණත්වය මැනීම, නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරිම යන කරුණු ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මුලින්ම අපොස සමාන්‍ය පෙළ පන්ති පමණක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති පවත්වන ආයතනයන්හි ප්‍රධානින් ඔවුන්ට ඇති ගැටළු ඉදිරිපත් කල අතර පන්ති ආරම්භ කිරිමට පෙර කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුවත් කිරිම කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගතයේ වර්තමාන තත්වයත් තව දුරටත්  කොවිඩ්-19 න් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛාරක්ෂිත උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවයත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) අයි.ඩබ්.එම්.සී.කේ ඉංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, උපකාරක පන්ති පවත්වන ආයතනයන්හි හිමිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

-Lankadeepa

(නයෝමි දිල්රුක්ෂි)

RECENT ARTICLES - SINHALA

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ...

සාදයක් අතරතුර වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මරුට

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම තරුණිය පොළොන්නරුව රෝහලේ...

FOXHILL අනතුර: වීඩියෝ හරහා පරීක්ෂණ  

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාතමක බව යුද හමුදාව පවසනවා. හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේ, මේජර්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...