29 C
Colombo
Saturday, May 4, 2024

මහින්දට ප්‍රහාරයක්

- Advertisement -

පොදුජන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ගිණි තැබීමට කොළඹට පැමිණි අවස්ථාවේදීයි.

මහින්ද කහඳගම රාජපක්ෂ සමීපතයෙකු වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ඉදි වුණු පදික වෙළෙන්ඳන් සඳහා වූ විශේෂ ස්ථානවල ඉඩකඩ වෙන් කිරීමේ දී එහි දේශපාලන හස්තය මෙහෙයවූයේ මහින්ද කහඳගමය.

එම රජය පවතින කාලයේ මහින්ද කහඳගම තම බලපරාක්‍රමය පෙන්නුවේ තමන්ගේ සංගමයේ සාමාජිකත්වය නැති කිසිදු කෙතනකුට කොළඹ පදික වෙළෙඳාම් කළ නොහැකි බව පවසමිනි.

එසේම ආණ්ඩුව වෙනුවෙන් කොළඹ පැවති මොනම හෝ උද්ඝෝෂණයකදී විනාඩි කිහිපයක් තුළ පිටකොටුව බෝධිය ළඟට, කොටුව දුම්රිය පළ ළඟට සෙනඟ ගෙන්වූයේ ඔහුය.

ජනතා අරගලයට පහරදීමට පැමිණි පිරිසට ජනතාව දඬුවම් දෙනවිට ඔහුටද පහරදී තිබුණේ මෙලෙසය.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...