32 C
Colombo
Saturday, May 4, 2024

මහබැංකුවේ මහ හොරා කිව්ව කෙනාට ජනාධිපතිතුමා අගමැතිකම දුන්නෙ අපෙන් අහල නෙමෙයි – චරිත හේරත්

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දුන්නේ පොදුජන පෙරමුණේ බහුතරය මතය විමසා නොවන බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

වර්තමාන කෝප් කමිටුවේ සභාපති ධුරය ද දරන මහාචාර්ය චරිත හේරත් මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබෙනවා.

පසුගිය කාලය මුළුල්ලේම පොදුජන පෙරමුණේ සහ ආණ්ඩු පක්ෂයේ පිරිස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගනිමින් සිදුකළ චෝදනා සම්බන්ධයෙන් සහ එම අවස්ථාවලදී මහ බැංකුව මහ දවල් බිඳදැමූ හොරා ලෙස අපහාස උපහාසට ලක් කළ වික්‍රමසිංහ මහතා චෝදනාව එල්ල කළ පාර්ශවයම බලයේ සිටියදී නැවත වතාවක් රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්කොට මහ බැංකුව ඇතුළු විෂයන්ද ඇතුළුව මුදල් අමාත්‍ය ධූරය ද ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් මෙම වැඩසටහවේ දී චරිත හේරත් මහතාගෙන් එම වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදීයා ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ අදාළ තීරණය ජනාධිපතිවරයා විසින් තනි කැමැත්තට ගනු ලැබූවක් බවයි.

එදා මහ බැංකුව බිඳ දැමූ බවට චෝදනා එල්ල කළ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි බවට විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇති බව ද මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...