27.2 C
Colombo
Sunday, April 28, 2024

යුක්‍රේන සංචාරකයන් ගැන එල්ල වන චෝදනාවන් හට උදයංගගෙන් පිළිතුරු

- Advertisement -

ආන්දෝලනයට තුඩු දී ඇති යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියේ නොනිල ප්‍රධානියා ලෙස කටයුතු කරන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අදාල ව්‍යාපෘතිය සම්බන්දයෙන් එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදී තිබෙනවා.
ඔහු පවසන්නේ මෙම නියමු ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය මහතාගේ අවසරය පරිදි, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, බැසිල් රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව වසර 09 ක සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති පලපුරුද්ද මත මෙම වැඩසටහන තමන් සංවිධානය කර යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමට තමන් කටයුතු කල බව ඔහු මෙහිදී සදහන් කළා.
යුක්‍රේනයේ ගුවන් යානා ආයතන හා සංචාරක ආයතන තමන් පිළිබදව ඇති විශ්වාසය හේතුවෙන් මෙම වැඩපිළිවෙල සදහා සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඔහු පවසනවා.

මෙම කරුණු පැහැදිලි කිරීමට පසුගිය 29 වනදා මෙරටට පැමිණි යුක්‍රේන ජාතික තරුණියක්ද උදයංග වීරතුංග මහතා සමඟ සම්බන්ද වුණා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මුව ආවරණයක් පැළද නොසිටීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් යුක්‍රේන ජාතිකයින් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙක් මේ වන විට හම්බන්තොට ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයනක දින 28 ක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...