25 C
Colombo
Tuesday, April 30, 2024

අගමැතිගේ විශේෂ ප්‍රකාශය

- Advertisement -

ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයින් තිදෙනෙකු හෙට දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අද (22) දින පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ ආනයනය කර රජයේ සහතික මිල යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා හරින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

තවද, චීනය, ඉන්දියාව සහ ජපානය සහභාගීත්වයෙන් ආධාර සමුළුවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ, චීනයේ සහ ජපානයේ සහාය අවශ්‍ය බවත් ඔවුන් අපගේ ඓතිහාසික මිතුරන් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.

එසේම, අමෙරිකානු භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක් ද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බව ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...