29.4 C
Colombo
Wednesday, May 8, 2024

රැට්ටා ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්

- Advertisement -

අද (22) පස්වරුවේ මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අරගලකරුවන් 07 දෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැණුණා.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි යන අයයි.


RECENT ARTICLES - SINHALA

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (09) දිනයේ කැඳවීමට...

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...