27 C
Colombo
Monday, April 29, 2024

මිරිස්ස Coconut Tree Hill ඉඩමේ අනවසර වැට ගලවන්න නියෝග

- Advertisement -

දකුණු පළාතේ ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් මිරිස්ස මුහුදට යාබදව පිහිටි රමණීය ස්ථානයක් වන Coconut Tree Hill ඉඩම පිළිබදව මේ වන විට බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ මෙම ඉඩමේ එක් හිමිකරුවෙකු වන මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු විසින් ඉඩම වෙන්කරමින් වැටක් ඉදිකිරීමත් සමගයි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙම සාකච්ඡාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වැලිගම නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්, කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ ඉඩමේ එක් හිමිකාරී පාර්ශවයක්වන ආනන්ද නැමැති ව්‍යාපාරිකයා සහභාගී වූණා.

එම සාකච්ඡාවේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ මෙම ව්‍යාපාරිකයා අදාල වැට ඉදිකිරීමට පෙර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ගත යුතුව තිබූ බවයි.
මෙම ඉඩම මේ වන විට සංචාරක ස්ථානයක් ලෙස පවතින බැවින් මෙහි කිසියම් ඉදිකිරීමක් කිරීමට අවසර ලබාදිය නොහැකි බව වැලිගම ප්‍රාදේශීය සභාව පවසා තිබෙනවා.
එබැවින් මෙය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාල ඉඩමේ හිමිකරුවන් සාකච්ඡා කර එක් තීරණයකට පැමිණෙන ලෙසට නිලධාරීන් දැනුම්දී තිබෙනවා.
එහිදී ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මෙම ඉඩමේ හිමිකාරීත්වය පුද්ගලයන් සිවු දෙනෙකු අතර පවතින බවත් ඒ සදහා තීරණයක් ගැනීමට සතියක කාලයක් අවශ්‍ය බවයි.
මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ අදාල අනවසර වැට වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණ ක්‍රියාවලියක් දක්වා මෙම ගැටළුව දුරදිග යන බවයි.
මෙම ඉඩමට ප්‍රවේශවීමට තිබෙන මාර්ගය ව්‍යාපාරිකයාගේ ඉඩම හරහා වැටී ඇති බැවින් අදාල බාධක ඉවත්කර සංචාරකයන් හට ගමන් කිරීමට තාවකාලිකව ඉඩප්‍රස්ථාව ලබාදෙන ලෙසද මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...