28 C
Colombo
Sunday, May 5, 2024

තෙල් නොදුන්නොත් පාර්ලිමේන්තු එන්නෙ නෑ..! – මන්ත්‍රීවරුන්ගෙන් දඩබ්බර තීරණයක්

- Advertisement -

ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම්දී තිබෙනවා.

ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතානායකවරයාට මෙසේ පැමිණිලි කර ඇති මන්ත්‍රීවරුන් අතර වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ඇතුළු ඈත දුර බැහැර ප්‍රදේශවල අය වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූ අතර ඇතැම් මන්ත්‍රීවරුන් සහභාගි වූයේ එක රැස්වීමකට හෝ දෙකකට පමණි.

අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා තීරණාත්මක ඡන්ද විමසීමක් ලබන සතියේ පැවැත්වීමට නියමිත අතර මේ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය වැදගත් වනවා. මේ අනුව, මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන ලෙස කතානායකවරයා නිලධාරීන්ට උපදෙස්දී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...