33 C
Colombo
Thursday, May 2, 2024

සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත

- Advertisement -

සාගර කාරියවසම්ට හැමදාමත් පොහොට්ටුවේ සහ තමන්ගේ ලෙටර් හෙඩ් මාරු වන අතර ඔහුට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත පවසනවා.

ඒ, ඊයේ (16) පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙතෙක් කිසිම ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට තීරණයක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ මොහොතේ තීරණ ගන්නේ රට වෙනුවෙන් මිස පාට පක්ෂ පිළිබඳව නොවන බව හෙතෙම පවසනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් විමසා ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්නයි.

මීට අමතරව එම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේ ද සහ එම තීරණය ගැනීමට සහභාගි වූ බව කියන පුද්ගලයින්ගේ නම් හා ඔවුන් තෝරා ගැනීමේ පදනම කවරේදැයි යනුවෙන් ද පක්ෂ සභාපතිවරයා ප්‍රශ්න කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

නීතිවේදීන් පහකට ජනාධිපති බහුමාන ප්‍රදානය කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්,...

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...