32 C
Colombo
Thursday, May 2, 2024

අරගලකරුවන් තුන් දෙනෙක්ට කෝටි හතර හමාරක් ලැබුණු කතාව බොරුවක් – CID

- Advertisement -

ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (18) දැනුම්දී තිබෙනවා.

අරගල භූමියේ සිටින ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කළ ගිණුමකට රුපියල් කෝටි එකහාමාර බැගින් වූ මුදලක් ලැබී ඇති බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරක් ආරක්ෂක බලධාරීන් විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ විශේෂ අවධානයට යොමු කර තිබුණා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එම තොරතුර නිවැරදි නම් විමර්ශනයක් පවත්වන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ අනුව එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවට ගොස් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එම නම කියැවුණු අරගලකරුවන් එම බැංකුවේ ගිණුමක් හෝ විවෘත කර නොමැති බවයි.

ඒ අනුව එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙනවා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් කර ඇතත් එහිදීද පෙනී ගොස් ඇත්තේ මෙම නම් සඳහන් පුද්ගලයින් තිදෙනා වෙනත් බැංකුවක ඔවුන්ට අයත් ගිණුමකටවත් මෙතරම් විශාල මුදලක් පිටරටකින් හෝ මෙරටින් හෝ තැන්පත් වී නොමැති බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ඊයේ (18) පොලිස්පතිවරයාව දැනුවත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...