32 C
Colombo
Thursday, May 2, 2024

පකිස්ථානයේ මාසයකදී කාන්තාවන් 157 ක් පැහැරගෙන

- Advertisement -

පාකිස්තානය තුළ කාන්තාවන්ගේ ආරක්ෂාවට මහත් තර්ජනයක් නිර්මානයවී ඇතැයි තිරසාර සමාජ සංවර්ධන සංවිධානය (SSDO) සහ පර්යේෂණ, සංවර්ධන සහ සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසය තුළ පමණක් එරට කාන්තාවන් 157 දෙනෙකු පැහැරගෙන ඇති අතර 112 දෙනෙකු ශාරීරික අඩන්තෙට්ටම්වලට ලක්ව 91 දෙනෙක් දූෂණයට පත්ව ඇති බවයි.

එරට තුළ කාන්තාව දැඩි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පත්වෙමින් ඇතැයි ද අදාළ පර්යේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය මාසය තුළ පමණක් අවම වශයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා 100 කට අධික ප්‍රමාණයක් වාර්තා වුණු බව ඔවුන් පවසා තිබේ.
දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මේ ආකාරයේම තත්ත්වයක් වාර්තාවන බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය මාසයේ දරුවන් සම්බන්ධ සිද්ධීන් 180 ක් වාර්තාවී ඇති අතර ඉන් සිද්ධීන් 93 ක් ළමා අපයෝජනයන්ය.

සිද්ධි 64 ක් දරුවන් පැහැර ගෙන යාම් වාර්තාවී ඇති අතර 37ක් ශාරීරික වද හිංසාවන් වශයෙන් වාර්තාවී ඇත.

RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...