30 C
Colombo
Thursday, May 2, 2024

චෝදනා වලට ඍජුව මුහුණ දීමට කබ්රාල් සූදානම්

- Advertisement -

තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සඳහා ඍජුව මුහුණ දී සත්‍ය තහවුරු කිරීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් බලාපොරොත්තු වන ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කරනවා.

එසේ ම ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනමට විරුද්ධව කටයුතු කරන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ද ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ඔහුට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ නැවත කැඳ වූ අවස්ථාවේ දී ඔහුට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම එළැඹෙන ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කෙරුණා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කළ 2006 – 2015 කාලය තුළ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ප්‍රවර්ධනය කිරීමට යැයි සඳහන් කරමින් අමෙරිකානු ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා වලට එරෙහිවයි.


RECENT ARTICLES - SINHALA

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...