31 C
Colombo
Friday, May 3, 2024

තෙල් අල්ලන පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග..!

- Advertisement -

නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කිරීම සහ වැඩි මිලට අලෙවි කරන ස්ථාන වටලන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන ස්ථාන වටලා ඉන්ධන ලීටර් සියයක් දක්වා අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට උපරිම ත්‍යාග මුදල ලෙස රුපියල් 50,000 ක මුදලක් ගෙවීමටයි පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ.

ඉන්ධන ලීටර් 100 ත් 500 ත් අතර ප්‍රමාණයක් වැටලීම මඟින් අත්අඩංගුවට ගතහොත් උපරිම ත්‍යාග මුදල ලෙස රුපියල් දෙලක්ෂයක මුදලක් පිරිනැමීමට නියමිතයි. ඉන්ධන ලීටර් 500 ත් 1,000 ත් දක්වා අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට අනුමත කර ඇති උපරිම ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 03 ක්.

ඉන්ධන ලීටර් 1,000 ඉක්මවූ වැටලීම් සම්බන්ධයෙන් ගෙවන ත්‍යාග මුදල අදාළ විස්තර පොලිස් මූලස්ථානයට යොමු කිරීමෙන් පසු තීරණය කරන බවටයි පොලිස්පතිවරයා විසින් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වෙත නිකුත් කළ චක්‍රලේඛයක දැක්වෙන්නේ.

නීති විරෝධිව ඉන්ධන තොග රැස්කරන සහ වැඩි මිලට ඉන්ධන විකිණීමේ ජාවාරම් මැඩ පැවැත්වීමටත්, ඊට අදාළ වැටලීම් සඳහා සහභාගී වන නිලධාරීන් දිරිමත් කිරීම සඳහාත් එම තීරණය ගෙන ඇති බව අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

එමෙන්ම අදාල ත්‍යාග මුදල් ලබාදීම දින 07 ක් ඇතුලත සිදු කිරීමටත්, එම ක්‍රියාවලිය පළමු අදියරේදී අගොස්තු 24 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටත් අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...