32 C
Colombo
Sunday, May 5, 2024

අරගල කරන්නේ පිස්සොයි, කුඩුකාරයොයි..! – ප්‍රසන්න රණතුංග

- Advertisement -

අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ, අද (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින්.

ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ පිරිසකගෙන් මේ රටට ලැබෙන්නේ කුමන විමුක්තියක් දැයි ප්‍රශ්න කරන ඔහු ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාව අරගලයට හදවතින්ම බද්ධවූ නමුත් අරගලකරුවන්ගෙන් අසීලාචාර හැසිරීමක් ඔවුන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණු බවත් අරගලකරුවන්ගේ ‘පිස්සු වැඩ’ නිසාවෙන් ජනතාවට දැන් අරගලය එපාවී ඇති බවත් පවසනවා

අරගලකරුවන් මේ රටේ හමුදාවට සහ පොලිසියට පහත් ආකාරයෙන් සැලකූ බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අරගලය මැද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට ගත් උත්සහය සම්බන්ධයෙන් යුද හමුදාවට සහ පොලිසියට ස්තුතිය පුද කරන බවද පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...