29 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවට ඇවිත් තිබෙන්නේ දරුණු කොවිඩ් ප්‍රභේදයක්..! – සෞඛ්‍ය අංශ කියයි

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරුනු ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

බී.ඒ.5 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ලොව පුරා ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවයි ඔහු පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා,

“ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ.”

මේ අතර, ඊයේ (29) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් ද ඊයේ දිනයේ තහවුරු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...