27.5 C
Colombo
Sunday, April 28, 2024

කොවිඩ් පාලනයට රටේ ජනතාවගේ සහයෝගයත් අවශයයි – යුද හමුදාපති

- Advertisement -

ලෝකයේ බලගතු රටවල්වලට වඩා කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.

මාතලේ දිස්ත්‍රික් විශ්‍රාමික යුද හමුදා හොකී සංගමය මගින් මාතලේ නගරයේ ඉදිකළ හොකී ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසා ඇත.

“මේ දවස්වල 500කට ආසන්න සංඛ්‍යාවක් දිනකට හමුවෙනවා. නමුත් ලෝක තත්ත්වයත් සමග ගත්තහම අපිට බය නැතුව කොවිඩ් අපි පාලනය කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕනේ. රටේ ජනතාවගේ සහයෝගය මේ සඳහා ඉතාමත් අවශ්‍යයි. අපේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. සෑම අවස්ථාවකම කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගත්තත් ඉතාමත් සුළු පිරිසක් මේ සඳහා කටයුතු කරන ආකාරයට අනුව සමහ අවස්ථාවලදී අපි දකිනවා වර්ධනය වීමක්, අඩුවීමක්. අපි ජීවත් විය යුත්තේ මේකත් එක්ක. ලෝක තත්ත්වයත් එක්ක බැලුවහම ලෝකයේ ප්‍රබල රටවල් මේ අවස්ථාවේ දී දණින් වැටිලා තියෙනවා. ඊයේ දිනයේ දී අමෙරිකාවේ මෙතෙක් දිනකට මියගිය වැඩිම පිරිස ඊයේ දිනයේ දී වාර්තා වුණා. එවන් අවදියක අපිට හැකි වුණා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පාලනය කරගෙන අරන් යන්න. අපි ජනතාවගෙන් මේ සඳහා සහයෝගය බලාපොරොත්තු වෙනවා.“ යැයි ඒ මහතා පවසා තිබුණි.


RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...