27 C
Colombo
Friday, May 3, 2024

පැය 3ක් නෙමෙයි ඊට වැඩිය විදුලිය කපන්න වෙනවා..! – කප්පාදුව ගැන නවතම ප්‍රකාශය

- Advertisement -

පැය 03කට වැඩි කාලයක් ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා.

රජය විසින් විකල්ප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“පැය 3ක් නෙමෙයි ඊට වැඩි කාලයක් ජනතාවට විදුලිය විසන්ධි කරන්න සිද්ධවෙනවා. ඒ නිසා අපට පේනතෙක් මානයක අඩුම ගානේ අවුරුදු 5කින් 10කින්වත් බලශක්ති ක්ෂේත්‍රය නඟාසිටුවන්න මේ රටේ පාලකයින්ට සැලැස්මක් නෑ. අලුතින් ජලාශ එහෙම නැත්නම් ජල ප්‍රභවයන් බිහිවෙලා නෑ. එදා සිට තිබුණ ජලප්‍රභවයන්වලින් තමා මේ විදුලි බලාගාර හැදුවේ. ජනතාවගේ ඉල්ලුම සැපයීමට ජල විදුලිබලාගාර ප්‍රමාණවත් නෑ. ඒ නිසා සමස්ත ඉල්ලුමෙන් 40%ක් විතර තමා සපුරන්නේ ජල විදුලි බලාගාර. ඒකත් ජලය තිබුණොත්.”

මේ අතර සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයේ නියුතුවූවන් ඊයේ (15) මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

එහිදී කෑගල්ල දිස්ත්‍රික් සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නයන උදයප්‍රිය මහතා සඳහන් කළේ, හෝටල්වල වහල යොදා ගනිමින් පුනර්ජනනනීය විදුලි උත්පාදනය සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව‍යි.

සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඉදිරි අයවැයෙන් ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කළ යුතු බව සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ වෘත්තීය සමිතියේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...