රත්මලාන මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස හමුව ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මෘත දේහයක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කරනවා.
මේ අතර ගම්පොල මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟේ පාවෙමින් තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මාලිම්බඩ ප්‍රදේශයේද තිබී මීට පෙර අතුරුදන්ව සිටි 22 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බවයි.