33 C
Colombo
Tuesday, April 30, 2024

GSP+ වෙනුවට වෙනත් සහනයක්

- Advertisement -

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසනවා.

මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමිවේ.

මීට අමතරව තවත් නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක තීරුබදු ඉවත් වීමක් සිදුවන බවයි හාරා හල්ටන් මහත්මිය පවසන්නේ. මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයෙන් ඇතැම් සෘතුමය තීරුබදු සරල කර ඇති අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන්ට බ්‍රිතාන්‍යයේ වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම එහි අරමුණයි.

2023 වසරේ දී බලාත්මක වන මෙම බදු සහන ක්‍රමය බ්‍රිතාන්‍ය හඳුන්වා දී ඇත්තේ, GSP+ බදු සහන ක්‍රමය වෙනුවටයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග GSP+ බදු සහනය යටතේ අපනයනය කළ භාණ්ඩවලට අදාල වරණීය තීරුබදු සහනය රටවල් රැකසට අහිමි විය. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ එම සහනය යළි ලබා දීම සඳහායි.

RECENT ARTICLES - SINHALA

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද...

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...