33 C
Colombo
Monday, April 29, 2024

කවදා හරි දේශපාලනයෙන් විශ්‍රාම ගත්තම නීතීඥ වෘත්තියේ යෙදෙනවා..! – මහින්ද

- Advertisement -

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

දශක 05 කට අධික කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ නිරතව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබෙන්නේ සතිඅන්ත පුවත්පතක් වෙත ප්‍රකාශයක් සිදු කරමින්.

සුදුසු වේලාව පැමිණි පසු විශ්‍රාම යන බවත්, ඒ දක්වා දිගටම දේශපාලනයේ නිරත වන බවයි රාජපක්ෂ සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් කටයුතු කරන්නේද යන්න පිළිබඳව තීරණය කළයුත්තේ පක්ෂය බවත්, පක්ෂය ඉල්ලා සිටින්නේ නම් ඕනෑම අවස්ථාවක නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බවත් නායකත්වයෙන් ඉවත් වී නීතිඥ වෘත්තියේ නිරතවීමට හැකි බවත් ඔහු පවසනවා.

පුවත්පත සිදුකළ විමසීමකදී මහින්ද රාජපක්ෂ පවසා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව යාමට පෙර තමාගෙන් ඒ පිළිබඳව විමසා සිටියේ නම් ඔහුට කිසිසේතම එම ගමන යාමට ඉඩ ලබා නොදෙන බවයි. ඔහු ආරම්භ කළ ගමන අවසන් කළයුතුව තිබූ බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලනඥයෙකු නොවන බවත්, ඔහු ක්‍රියා කළේ විශේෂඥයන් ලබාදුන් උපදෙස් මත බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සියලු අර්බුදවලට ඔහු වගකිව යුතු නැති බවයි. ඒ සියල්ලටම තමා ඇතුළු හිටපු නායකයන් සියලුදෙනා වගකිව යුතු බවත් එබැවින් ඔහුට පමණක් දොස් පැවරීම නිවැරදි නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...