33 C
Colombo
Tuesday, April 30, 2024

දෙරණට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

- Advertisement -

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ ‘පොදු’ නැමති ටෙලි නාට්‍යයෙහි විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් බවට පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රපති පූජ්‍ය යහමුල්ලේ අනුරවංශ හිමි සහ දම්පල් දරුවෝ ගිහි අනුශාසක ආචාර්ය ප‍්‍රීති කුලතුංග, මහේෂ් රංගන ජයරත්න, නියෝජ්‍ය ලේකම් මාධව සංජීව විජයරත්න යන අය විසින් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල ගොනු කළා.
ඔවුන් පවසන්නේ දෙරණ මාධ්‍ය ආයතනය සහ ‘පොදු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කර ඇති බවයි.

පැමිණිල්ලෙහි ඔවුන් සදහන් කර ඇත්තේ දෙරණ ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන් සහ ‘පොදු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත චේතාන්විතව කඩකරමින් උපරිමය රුපියල් මිලියන දෙකක දඩයකට යටත්වන වරදක් කරඇති බවයි.

RECENT ARTICLES - SINHALA

යාචකයින්ට මුදල් දෙන්න එපා, පොලීසියෙන් නිවේදනයක්

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික...

හදිසියේම බාර් වැසීමේ තීරණයක්

2024 මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා මත්පැන් අලෙවිසැල් හෙට (01)  දිනයේ වසා තැබෙන බව  සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුරාබදු දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ මත්පැන්හල් අද (30)...

ගුවන් සෙබළා‌ගේ තුවක්කුව ගුවන්තොටේදී ඉබේ පත්තු වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...