29.3 C
Colombo
Tuesday, April 30, 2024

SLT – MOBITEL වෙතින් විප්ලවීය පාරිභෝගික අත්දැකීමක්

- Advertisement -

තොරතුරු තාක්ෂණය දවසින් දවස අලුත් වෙන එක රහසක් නෙවෙයි.

මේ අලුත් වීමත් සමඟ තොරතුරු තාක්ෂණ සේවා ලබාදීමේ ක්‍රමවේද පවා නිරන්තරයෙන් යාවත්කාලීන වනවා.

මේ අනුව යමින් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරා ගන්න අලුත්ම පියවරක් හඳුන්වා දුන්නා.

ඒ අනුව පසුගිය 15 වැනි ඉරිදා සිට දීප ව්‍යාප්තව මෙම පියවර දියත් කිරීම සිදුකෙරුණා.

මෙසේ දියත් කරන ලද්දේ, SLT-MOBITEL පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ සේවාවක් දීම සඳහා හඳුන්වා දෙන ලද SLT-MOBITEL mAgent සේවාවයි.

SLT-MOBITEL ආයතනය විසින් SLT-MOBITEL mAgent සේවාව දියත් කිරීමත් සමඟ ස්ථාවර සහ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විශාල පහසුකම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

එමෙන්ම මෙමගින් ඔබගේ ඕනෑම SLT-MOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන ජාලයක් සම්බන්ධයෙන් ඇති ඕනෑම සේවාවක් නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව සැලසෙන බව එම ආයතනය පවසනවා.

තවද, SLT-MOBITEL mAgent සේවාව දියත් කර ඇත්තේ SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන (ESG) උපාය මාර්ගයේ කොටසක් ලෙසයි.

මෙමඟින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට සහ ඒ හරහා ලැබෙන වටිනාකම් පුළුල් කිරීමට අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව මෙමඟින් සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට යමින් පාරිභෝගිකයන්ට විශේෂ දීමනා දෙමින්, වියදම් අඩු කරමින්, පරිසර හිතකාමී සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීම විශේෂත්වයක්.

මීට අමතරව, SLT-MOBITEL mAgent මඟින් SLT-MOBITEL හරහා තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබා දෙමින් ඔවුන්ව විශේෂඥ දැනුමෙන් සහ කර්මාන්තයට අදාළ කුසලතා වලින් පෝෂණය කිරීමටද සමත් වී තිබෙනවා.

එමෙන්ම SLT-MOBITEL පාරිභෝගිකයින්ට 1717 ඇමතීමෙන් හෝ SLT-MOBITEL SelfCare යෙදුම හරහා බැනරය Click කිරීමෙන් අදාළ SLT-MOBITEL mAgent සමඟ සම්බන්ධ විය හැකියි.

ඒ අනුව SLT-MOBITEL mAgent මඟින් ඔබට නව දුරකථන සම්බන්ධතා ලබා ගැනීම, උපාංග මිලදී ගැනීම, දුරකථන ජාලය පරිහරණයේදී පාරිභෝගිකයින්ට ඇතිවන අවශ්‍යතා විනිශ්චය සහ සියලුම නිවාස සහ ජංගම දුරකථන ආශ්‍රිත සේවාවන් ලබා ගත හැකියි.

මීට අමතරව නව සිම්පතක් ලබාගැනීම, 3G / 4G සේවාවන් අලුත් කර ගැනීම, PEO TV සේවාව ලබා ගැනීම, Fiber සබදතාවක් ලබා ගැනීම, Dongle මිලදී ගැනීම සහ Router මිලදී ගැනීම වැනි අනෙකුත් සියලුම සේවාවන්ද මේ හරහා ලබාගැනීමට ඔබට අවස්තාව හිමිවෙනවා.

ඔබට ලබා දෙන සේවාව ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීම සඳහා සඳහා SLT-MOBITEL mAgent නිරන්තරයෙන් කැපවී සිටිනවා.

එමෙන්ම SLT-MOBITEL mAgents හි සේවය කරන පිරිසට අවශ්‍ය කුසලතා සහ දැනුම ලබා දීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමද ආයතය විසින් සිදුකර තිබෙනවා.

මීට අමතරව ඔවුන්ට ලබා දී ඇති නවතම උපාංග සහ මෘදුකාංග මෙවලම් හරහා, SLT-MOBITEL mAgent හට පාරිභෝගික අවශ්‍යතා වලට සුදුසුම විසඳුම් ලබා දෙමින් කාර්යය ඉටු කිරීමට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම මුළු දිවයිනම ආවරණය වන පරිදි SLT-MOBITEL mAgent වරුන් පත්කිරීමද SLT-MOBITEL ආයතනය විසින් සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ-කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පැවති කල්තැබිමේ විවාදයේදී පළවු අදහස් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර...

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ මූලස්ථාන...

ප්‍රසන්නගේ සිර දඬුවමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...