27.9 C
Colombo
Monday, April 29, 2024

රනිල් රාජ්‍ය ලාංඡනය මගුල් ඇතා පිට පෙරහැරින් වඩම්මවයි (ඡායාරූප)

- Advertisement -

75 වැනි නිදහස් දිනයට සමගාමිව පවත්වනු ලබන ජනරජ පෙරහැර අද (19) පස්වරු ප.ව 6.30 ට වීදි සංචාරය කිරීම ආරම්භ කළා.

පෙරහර ගමන් ආරම්භ කරනු ලැබුවේ, මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සිටයි.

මෙම ජනරජ පෙරහැර අලි ඇතුන් 35 දෙනෙකුගෙන් සහ නර්තන කණ්ඩායම් 45 කින් සමන්විත වුණා.

එහිදී රාජ්‍ය ලාංඡනය මංගල හස්තිරාජයා පිට වැඩම කරවා වීථි සංචාරය කරවීම විශේෂත්වයක්.

ජනරජ පෙරහැර හේතුවෙන් අද (19) පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක වුණා.

පොලීසිය සඳහන් කළේ, පස්වරු 05 සිට පෙරහැර අවසන්වන තෙක් එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

විදුලිබිල 66%කින් වැඩිකර ජනතාව මත දැඩි ආර්ථික බරක් පටවා ඇති මොහොතක මෙවන් අසිරිමත් පෙරහැරක් පැවැත්වීමද විශේෂත්වයක් වනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...