27 C
Colombo
Friday, April 19, 2024

නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතියේ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 06 ක පාඩුවක්

- Advertisement -

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JAICA) ආයතනයේ අධාර මත2013 දී සිදුකළ නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා DI පයිප්ප සහ උපාංග ‍ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් 62,499,656 ක මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදුවී ඇති බව පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මහා භාණ්ඩාගාරය විසින් එම ව්‍යාපෘතියට අවශ්‍ය DI පයිප්ප සහ උපාංග ‍ගෙන්වීමේ කාර්යය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත පවරා තිබූ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් එය කොන්තරාත්තුවත් ලෙස ඇක්සස් ඉන්ටර්නැෂනල් (M/S Access International (Pvt)Ltd) ආයතනය වෙත ලබා දී තිබිණි.

එම භාණ්ඩ බදු නොගෙවා බදු ගුදම් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය වෙත අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා රේගු සටහන්කර (Cusdec) 08ක් නිකුත් කර තිබිණි. එහි භාණ්ඩ ගුදම්කර වටිනාකම ඇමරිකානු ඩොලර් 5,139,621ක් නමුත් එම භාණ්ඩ ගුදමෙන් නිදහස් කර ගැනීමේදී දේශීයව සැකසූ ඉන්වොයිස් භාවිත කර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 6,350,364 ක් ලෙස දක්වා ව්‍යාජ තොරතුරු සහිත සටහන්කර මගින් ඇමරිකානු ඩොලර් 1,207,098 ක වටිනාකමක් ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා ගැනීමට ඉඩ සලසා දීම සම්බන්ධව ද කමිටුවේ අවධානය යොමු විය.

එයට අමතරව ව්‍යජ ඉන්වොයිස් සැකසීම, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශීය මෙන්ම දේශීය මුදල් ද අයථා ලෙස ලබාගෙන තිබියදී මේ සම්බන්ධව විමර්ශනය සිදු කරන ලද ශ්‍රී ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ තිබූ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කොට තිබීම රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විමර්ශනයට ලක් විය.

මෙහිදී රේගු අධ්‍යක්ෂවරයා, මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත් කර ඇති බවත්, එහි වාර්තාව අප්‍රෙල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් සඳහන් කළේය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය වන ගල් අඟුරු සැපයීමට රාජ්‍ය ආයතන 04ක (සී/ස නැව් සංස්ථාව 10%, ලංකා විදුලි බල මණ්ඩලය 60%, ශ්‍රී ලංකා වරාය අධිකාරිය 10%, මහා භාණ්ඩාගාරය 20%) කොටස් අයිතියෙන් යුත් Lanka Coal Company (Pvt) Ltd ආයතනය පිහිටුවා තිබිණි. එම ආයතනය විසින් 2016 දී ගල් අඟුරු ආනයනය කළ අවස්ථා 66කදී එකී ගල් අඟුරු වල CIF වටිනාකම පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අය කර ගෙන තිබූ රුපියල් මිලියන 187කට ආසන්න වැට් බද්ද සම්බන්ධයෙන් කෝපා කමිටුවේදී සාකච්ඡාවට ලක්විය.

මෙහිදී වැට් බදු නිවැරදිව ගණනය කර රේගු සටහන් වලට ඇතුළත් නොකිරීම නිසා අඩුවෙන් වැට් බදු ගෙවීම පිළිබඳ සිදුකළ රේගු විමර්ශනය මගින් අඩුවෙන් ගණනය කරන ලද වැට් බද්ධ වන රුපියල් මිලියන 205ක මුදල අතිරේක බද්දක් ලෙස අය කර ගන්නවා වෙනුවට දණ්ඩනයක් ලෙස අයකරගෙන තිබීම නිසා එම දඩ මුදලින් 50%ක් හෙවත් රුපියල් මිලියන 102.5 ක් නිලධාරීන්ට ත්‍යාග ලෙස ගෙවීමද, තවත් 20%ක් එනම් රුපියල් මිලියන 41ක් රේගු නිලධාරීන්ගේ සුභ සාධනය සඳහා වන කළමනාකරණ හා වන්දි මුදලට බැර වීමත්, රජයේ ආදායමට රුපියල් මිලියන 61.5ක් පමණක් බැර වීමත් කමිටුවේ අවධානයට ලක් විය.

මේ පිළිබඳව නැවත විමර්ශනයක් සිදු කොට වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස මහා භාණ්ඩගාරයේ ලේකම්වරයාට කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.මෙවැනි අක්‍රමිකතා සිදු නොවීම පිණිස රේගු ආඥා පණත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කමිටුව විසින් අවධාරණය කරන ලදී.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරයන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය, නිරෝෂන් පෙරේරා, විගණකාධිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ‍සහභාගී වූහ.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...