29.6 C
Colombo
Sunday, April 28, 2024

මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්

- Advertisement -

එළඹෙන උත්සව සමයේ දී පොලීසිය මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ සැලසුම් කිහිපයක් සකස් කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ උත්සව සමයේ දී මහජනතාව වංචාවලට හසු නොවී සිටිය යුතු බවයි.

විවිධ භාණ්ඩ මිලදී ගැනීමේ දී එම භාණ්ඩ පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න සම්බන්ධව සැලකිලිමත් වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තවද පොලීසිය සඳහන් කරන්නේ උත්සව සමයේ දී ජාවරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එක්කරන බවත් ඒ පිළිබඳ ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

එසේම මහජනතාව විශාල පිරිසක් එක්රැස්වන ස්ථානයන්හි ගැට කපන්නන් ගැවසීමේ අවදානමක් පවතින බැවින් එවැනි ස්ථානවලදී තම මුදල් පසුම්බිය ප්‍රවේසම් කරගැනීමට වගබලාගන්නා ලෙසද පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙනවා.

ඊට අමතරව භාණ්ඩ මිලදී ගැනීමට කුඩා දරුවන් සමඟ විවිධ ස්ථානවලට යන්නේ නම් එම අවස්ථාවලදී දරුවන්ට රන් ආභරණ පැළඳවීමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

තවද රථවාහන ගාල්කර වෙනත් ස්ථානයක් කරා ගමන් කරයි නම් තමන් පැමිණි රථයේ දොරගුළු වැසුණු බවට මෙන්ම යතුරුපැදියක පැමිණියහොත් එහි හැඬලය අගුලු දමා ඇති බවට නිවැරදිව තහවුරු කරගන්නා ලෙසත් පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර නිවසින් දුර බැහැර යන්නේ නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දියේ ගිලී තරුණයෙක් මරුට

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී...

වන විනාශය ගැන හොයන්න විශේෂ කණ්ඩායම්

දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන්...

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...