32 C
Colombo
Saturday, May 4, 2024

ඉරාන​යේ ගැටුම් ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

- Advertisement -

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ඉරානය සමග ගැටුමක් ඇතිකර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවූවත් සිය හමුදා සාමාජිකයන්ගේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ඇමෙරිකාව දෙවරක් නොසිතන බව ඔස්ටින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඩමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් ඔස්ටින් මහතා මෙම අදහස් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වනවා.

එම ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි හමුදා ප්‍රධානීන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබුණා.

Related:

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...