26 C
Colombo
Friday, May 17, 2024

දමිතාට සහ සැමියාට අධිකරණයට එන්නැයි නියෝගයක්

- Advertisement -

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල ලබන මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියම කර තිබෙනවා.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර තිබුණා.

එමෙන්ම මීට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය අනුව මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නියම කළ අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර අබේරත්න යුවළට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් පවරා තිබු අපේක්ෂිත ඇප ඇයැදුම් පතද කැඳවු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම පැමිණිල්ල ලබන 20 වැනිදා යළි කැඳවීමට නියම කළා.


RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...