32 C
Colombo
Saturday, May 4, 2024

ගෝඨාගෝගම ප්‍රධාන ක්‍රියාකාරීන් 8 ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

- Advertisement -

ගාලු මුවදොර පිටිය අසළ දින 50 කටත් අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක ගෝඨාගෝගම ස්ථානයේ ක්‍රියාකාරී පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්, තැන්නේ ඤාණානන්ද හිමි, ටැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැට්ටා නොහොත් රතිදු සේනාරත්න හා ධම්මික මුණසිංහ යන අය මෙම ලැයිස්තුවේ ඇති බව සඳහන්.

මෙම පුද්ගලයින් 8 දෙනා අතුරින් රැට්ටා නොහොත් රතිදු සේනාරත්න මේ වන විටත් කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගැනුනා.

ගාලුමුවදොර පිටියට අත නොතබන බවට පොරොන්දුවී වැඩභාරගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේම ඊට සක්‍රීය දායකවන පිරිසව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...