අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබෙනවා.
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.
ඒ අනුව අද සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික සඳහා ඉදිරිපත් විය යුතු බවටද පෙත්සම්කරුට නියම කර තිබෙනවා.