31 C
Colombo
Saturday, July 27, 2024

Breaking: චීන නැව මෙරටට

- Advertisement -

ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව මේ වන විට හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මත යුවාන් වෑන්ග් -5 නමැති මෙම පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වුණා.

පසුගිය 11 වනදා එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිතව තිබුණත් ඉන්දියාවේ දැඩි විරෝධය මත යුවාන් වෑන්ග් -5 නෞකාව මෙරටට පැමිණීම ප්‍රමාද වුණා.

චීනය සඳහන් කළේ මෙම නෞකාව ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා පමණක් මෙරටට පැමිණෙන බවයි.

කෙසේවෙතත් අදාළ නෞකාව ඔත්තු බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය වෙත පැමිණෙන බවට ඉන්දියාව චෝදනා කර තිබුණා.

ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණත් ඊට චීනයේ විරෝධය එල්ල වුණා.

පසුගිය 12 වනදා චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාවක් වන PNS Taimur නෞකාවද කොළඹ වරායට පැමිණියා.

මෙම නෞකා අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට විදේශ ප්‍රතිපත්තියද අර්බුදයකට ලක්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...